2009+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%3F
Saturday, 17 August 2019 - 17:43
2009 ත්‍රස්ත ප්‍රහාරයෙන් පාකිස්ථානයට යළිත් ක්‍රිකට් වසන්තය උදාවන ලකුණු?
4

Shares
509

Views
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරඟාවලියක් පාකිස්ථානයේදී පැවැත්වීමට සුදානමක් පවතින බව අන්තර්ජාතික ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් පාකිස්තානයේ සංචාරයක නිරත වූණා.

එහිදී එරට ආරක්ෂාව සම්බන්ධයෙන් ලැබුණු යහපත් ප්‍රතිචාරය මත මෙම ටෙස්ට් තරඟාවලිය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මිට පෙර මෙම තරඟාවලිය ඩුබායි හිදී පැවැත්වීමට තීරණය කර තිබුණේ.

පසුව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළඹ තිබෙනවා.

කෙසේ වෙතත් 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව කිසිඳු රටක් පාකිස්තානයේ ටෙස්ට් තරඟ සංචාරයකට මෙතෙක් එක්වී නැහැ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE