%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%83
Saturday, 17 August 2019 - 19:52
ශ්‍රී ලංකාව ජයග්‍රහණයක් අභියස
1

Shares
186

Views
නවසීලන්තය සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම අද 4 වන දිනට තරගය නිමා කරන විට දෙවන ඉනිම වෙනුවෙන් කිසිවෙකු නොදැවී ලකුණු 133 ක් ලබා සිටියා.

නවසීලන්තය පළමු ඉනිමේදී ලකුණු 249 ක් රැස් කළ අතර ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 285කට සීමා වුණා.

ඒ අනුවයි පළමු ඉනිමේදී ලකුණු 267 ක් රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 268 ක ඉලක්කයක් හිමිවුණේ.

අද තරගය නතර කරනවිට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි නායක දිමුත් කරුණාරත්න ලකුණු 71 ක් ද, ලහිරු තිරිමාන්න ලකුණු 57 ක් ද, ලබා සිටියා.

ඒ අනුව ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේ කඩුලූ 10 ක් අතැතිව තවත් ලකුණු 135 ක් ලබා ගත යුතුයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE