%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
Saturday, 17 August 2019 - 20:36
පොලිස් ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට
7

Shares
952

Views
එංගලන්තයේ පැවති 6 වන පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සමත් වුණා.

ඒ වූස්ටර්ෂයර් හි බ්‍රොම්ස්ග්‍රෝව් නගරයේ ඊයේ පැවති අවසන් තරඟයේදී බටහිර,  ඕස්ට්‍රේලියානු පොලිස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

ආසියානු පොලිස් කණ්ඩායමක් ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාවය දිනා ගත් පළමු අවස්ථාව ද මෙයයි.

විස්සයි විස්ස තරගාවලියක් ලෙස පැවති මෙම ලෝක පොලිස් ක්‍රිකට් සැණකෙළිය සඳහා එංගලන්තය,  ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය, කැනඩාව ඇතුළු රටවල් නියෝජනය කරමින් පොලිස් කණ්ඩායම් 9 ක් එක්වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE