%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Sunday, 18 August 2019 - 8:29
වාර්තා පොත අලූත් කිරීමට ශ්‍රී ලංකාවට අද අවස්ථාවක්
1

Shares
211

Views
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 268 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා පිල ඊයේ හතරවන දිනය අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 133 ක් ලබා සිටියා.

එහිදී නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 71 ක් ලබා සිටි අතර, ළහිරු තිරිමාන්න නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 57 ක්.

දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න මේ වනවිට ලබාසිටින ලකුණු සංඛ්‍යාව ටෙස්ට් තරගයක හතරවන ඉනිමේදී ශ්‍රී ලංකාව පළමු කඩුල්ල සඳහා රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

පාකිස්ථානයට එරෙහිව දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා 2014 රැස් කළ ලකුණු 124 ඒ සඳහා පැවති වාර්තාවයි.

 ඊට පෙර නවසීලන්ත දෙවන ඉනිම ලකුණු 285 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකදි දෙවන ඉනිමේදී කණ්ඩායමක් ලකුණු 265 ඉක්මවා රැස් කළ පළමු අවස්ථාව ද මෙයයි.

එහිදී ලසිත් ඇඹුල්දෙණිය කඩුලූ 4 ක්ද, ධනංජය ද සිල්වා කඩුලූ 3 ක්ද බිඳ හෙලූ අතර, ළහිරු කුමාර කඩුලූ 2 ක් ලබාගැනීමට සමත්වුණා.

නවසීලන්තය තරගයේ පළමු ඉනිම සඳහා ලකුණු 249 ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු සංඛ්‍යාව 267 ක්.

මේ අනුව අද දිනයේදී ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 135 ක් රැස් කළ යුතුවනවා.

ජයග්‍රහණය ලැබුවහොත් එය ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකදී සිව්වන ඉනිමේ වැඩිම ලකුනු සංඛ්‍යාවක් හඹාගොස් ලද ජයග්‍රහණය වනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE