%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Sunday, 18 August 2019 - 12:29
ශ්‍රී ලංකාවට වාර්තාගත ටෙස්ට් ජයග්‍රහණයක්
5

Shares
696

Views
සංචාරක නවසීලන්ත පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව අද වාර්තාගත ජයග්‍රහණයක් හිමිකරගත්තා.

නවසීලන්තය තරගයේ පළමු ඉනිම සඳහා ලකුණු 249 ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු සංඛ්‍යාව 267 ක්.

නවසීලන්ත දෙවන ඉනිම ලකුණු 285 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකදි දෙවන ඉනිමේදී කණ්ඩායමක් ලකුණු 265 ඉක්මවා රැස් කළ පළමු අවස්ථාව ද මෙයයි.

එහිදී ලසිත් ඇඹුල්දෙණිය කඩුලූ 4 ක්ද, ධනංජය ද සිල්වා කඩුලූ 3 ක්ද බිඳ හෙලූ අතර, ළහිරු කුමාර කඩුලූ 2 ක් ලබාගැනීමට සමත්වුණා.

ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමිව තිබු ඉලක්කය ලකුණු 268ක්.

ලකුණු 268 ක ජයග්‍රාහී ඉලක්කය කඩුලූ 4 ක් දැවී ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර, එය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකදී සිව්වන ඉනිමේ හොඳම හඹා යාම සඳහා නව වාර්තාවක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 122 ක් ලබාගත් අතර, එය ඔහු ලබාගත් 9 වන ටෙස්ට් ශතකයයි.

ළහිරු තිරිමාන්න එහිදී  ලකුණු 64 ක් රැස් කළා.

දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න පළමු කඩුල්ල සඳහා ලබාගත් ලකුණු 161 ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක සිව්වන ඉනිමේදී වාර්තාකළ ඉහළම සම්බන්ධතාවයි.

මේ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව එකට බින්දුවක් ලෙස ඉදිරියට පැමිණෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE