%E0%B6%85%E0%B7%85%E0%B7%94+%E0%B6%B6%E0%B6%B3%E0%B7%94%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
Monday, 19 August 2019 - 12:52
අළු බඳුන දෙවන ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අවසන්
2

Shares
315

Views
ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියේ ලෝඞ්ස්හි ඊයේ අවසන් වූ දෙවන ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව අවසන් වුණා.

එංගලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 258 ක් රැස් කළ අතර, ඕස්ට්‍රේලියාව පළමු ඉනිම සඳහා රැස් කළේ ලකුණු 250 ක් පමණයි.

අනතුරුව දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලු 5 ක් බිඳ වැටී ලකුණු 258 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.

කෙසේ වෙතත් අවසන් දිනය වූ ඊයේ තරගය නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 6 කට ලකුණු 154 ක් ලබා සිටියා.

මේ අතර ලෝක කුසලාන ටෙස්ට් තරගාවලිය යටතේ මේ වනවිට පැවති තරග අතුරෙන් එහි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

ඒ, නවසීලන්තය එරෙහිව පළමු ටෙස්ට් තරගය ඊයේ ජයගැනීමත් සමඟයි.

එහි දෙවන ස්ථානයේ පසුවන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE