%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%A2%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80+%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
Monday, 19 August 2019 - 13:56
ජාත්‍යන්තර ජිම්නාස්ටික් තරඟාවලියේදී ලක්මව රිදියෙන් සැරසූ පුංචි වීරයන් දිවයිනට
101

Views
7 වන ජාත්‍යන්තර ජිම්නාස්ටික් ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් ජයග්‍රාහී සංචාරයක් නිමකළ ශ්‍රී ලංකා යස අවුරුදු 12 න් පහළ කණ්ඩායම් අද උදෑසන කටුනායක ගුවන්තොටුපොලින් දිවයිනට පැමිණියා.

පසුගිය 16 වනදා ඇරඹුණු මෙම තරඟාවලිය ඊයේ 18 දක්වා මැලේසියාවේ , ක්වාලාලම්පූර් නුවර සයිබජයා ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා.

මෙම තරඟාවලියට ඕස්ට්‍රේලියාව , චීනය , හොංකොං , ඉන්දුනීසියාව , ඉරානය , ජපානය , පිලිපීනය , සිංගප්පූරුව , තායිවානය , තායිලන්තය ,මැලේසියාව සහ ශ්‍රී ලංකාව එක්ව සිටියා.

එහිදී මෙම රටවල් 12 ක ක්‍රීඩා සමාජ අතුරින් ක්‍රීඩිකාවන් 07 ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්ය ව්‍යායාම කාණ්ඩයේ දී රිදී පදක්කම් දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයක්.

" ජිම් ඩාන්ස් " කාණ්ඩයේ පැවති තරගයකදී වයස අවුරුදු 12 පහළ ක්‍රීඩා කණ්ඩායම , එහි තුන් වන ස්ථානයට පත් වෙමින් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්වූවා.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් පුහුණු කර යොමු කර ඇත්තේ පිළියන්දල, කැස්බෑව ටැලන්ට් ජිම්නාස්ටික් ක්‍රීඩා සමාජයයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE