%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Monday, 19 August 2019 - 19:15
දිමුත් ටෙස්ට් පිතිකරු දර්ශකයේ ඉහළට
2

Shares
241

Views
නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරඟයේ ජයග්‍රහණයට දායක වෙමින් තරඟයේ සිව්වැනි ඉනිමේදී ලකුණු 122ක් රැස් කළ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ පළමු ස්ථාන 10 අතරට පිවිසීමට සමත් වී තිබෙනවා.

එම දර්ශකයේ 12 වන ස්ථානයේ සිටි ඔහුට නවතම වර්ගීකරණය අනුව හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි. ගාලූ ටෙස්ට් තරඟයේදී දස්කම් දැක්වූ අකිල ධනංජය ද ටෙස්ට් පන්දු යවන්නන්ගේ දර්ශකයේ ඉදිරියට පැමිණීමට සමත් වුණා.

මේ අතර, අළු බඳුන තරගාවලියේදී දස්කම් දැක්වූ  ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන් ස්මිත්, කේන් විලියම්සන් අභිබවා අයි.සී.සී, ටෙස්ට් පිතිකරු දර්ශකයේ දෙවන තැනට පැමිණියා. දර්ශකයේ මුල් තැන තවදුරටත් හිමිව ඇත්තේ ඉන්දීය නායක විරාට් කෝලිටයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE