කෝලි, දෝනි අභියස

Wednesday, 21 August 2019 - 12:37

%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%2C+%E0%B6%AF%E0%B7%9D%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%83
ඉන්දියාව සහ බටහිර කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය ඇන්ටිගුවා හිදි හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

හෙට තරඟය ජයග්‍රහණය කළහොත් ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි, හිටපු නායක එම්.එස්.දෝනි හා සම වන්නේ වැඩිම ටෙස්ට් තරඟ ජයග්‍රහණය කළ ඉන්දීය නායකයා ලෙසයි.

මීට පෙර ඉන්දීය කණ්ඩායම දෝනිගේ නායකත්වයෙන් ටෙස්ට් තරඟ 27 ක් ජයග්‍රහණය කර තිබෙනවා.