%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA+%E0%B7%84%E0%B7%9D+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%92%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
Thursday, 22 August 2019 - 17:49
පවුලේ අය හෝ සූදු - ඔට්ටු ව්‍යාපාරයට සම්බන්ධ නම්, ක්‍රීඩා පරිපාලනයට ඒම තහනම්
4

Shares
576

Views
යම් පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයින් සූදු සහ ඔට්ටු තැබීමේ ව්‍යාපාරවලට සම්බන්ධ නම් ඔවුන් ක්‍රීඩා පරිපාලනයට එක්වීම වැළැක්වීම සඳහා ක්‍රීඩා පනත සංශෝධනය කළ බව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඊට අදාළ ගැසට් පත්‍රයට මේ වනවිටත් අත්සන් කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යවරයා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

මීට පෙර පැවති නීතියෙහි සඳහන් වුණේ සූදු සහ ඔට්ටු තැබීමේ ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයින්ට පමණක් ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ විය නොහැකි බවයි.

නව සංශෝධනයේදී එම ව්‍යාපාරවල යෙදෙන අයගේ පවුල්වල සාමාජිකයන්ටද ක්‍රීඩා පරිපාලනයට එක්වීම තහනම් කෙරෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE