%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%83+%E0%B6%85%E0%B6%9C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A
Saturday, 24 August 2019 - 1:47
ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මස අග පාකිස්තානයේ තරග සංචාරයක
104

Views
එක්දින තරග 3 ක් සහ පන්දුවාර 20 තරග 3 ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මස අගදී පාකිස්තානයේ තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් නිවේදනය කළා.

2009 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ගෙවී ගිය දශකය තුළ පකිස්ථානයේ දී ජාත්‍යන්තර එක්දින තරගාවලියක් ක්‍රීඩා කර තිබෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම පමණයි.

ශ්‍රී ලංකාව 2017 වසරේදී එක් පන්දුවාර 20 ක්‍රිකට් තරගයක් සඳහා පකිස්ථානයේ සංචාරයක නිරත වුණා.

එළඹෙන තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 25 වැනිදා සිට ඔක්තෝබර් 10 වැනිදා දක්වා පකිස්ථානයේ රැඳී සිටීමට නියමිත අතර එක්දින තරග 3 කරච්චි නුවරත්, පන්දුවාර 20 තරග 3 ලාහෝර් නුවරත් පැවැත්වීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE