%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92++T20+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+-+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
Saturday, 24 August 2019 - 14:29
නවසීලන්තයට එරෙහි T20 තරඟාවලියේ නායකත්වය මාලිංගට - මැතිව්ස් සහ තිසර ඉවතට
59

Shares
7,198

Views
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා ලසිත් මාලිංග වන අතර නිරෝෂන් දික්වැල්ලට උප නායකත්වය ලැබී තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා සංචිතයට නම් කර නොතිබීම විශේෂත්වයක්.

අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳූ හසරංග, අකිල ධනංජය සහ ලක්ෂාන් සඳකැන් සංචිතයට ඇතුලත්.

ඉසුරු උදාන, කසුන් රාජිත, ලහිරු කුමාර සහ ලහිරු මධුෂංක ද 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුලත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය ලැබී ඇති බවයි.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිත අතර සැප්තැම්බර් මස පළමුවනදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පළමු තරගය පැවැත්වීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE