ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම බංග්ලාදේශය පරදයි

Sunday, 25 August 2019 - 14:56

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93+%E0%B6%91%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
බංග්ලාදේශය නැගී එන ක්‍රිකට් පිල සමඟ පැවති එක්දින තරගාවලිය දෙකට එකක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඊයේ සමත්වුණා.

බංග්ලාදේශයේ - කුල්නා නුවර ෂෙයික් අබු නසීර් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තුන්වන එක්දින තරගය ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජයග්‍රහණය කළේ කඩුලූ හතකින්.

බංග්ලාදේශ නැගී එන පිල සිය පන්දු වාර 50 තුළදී කඩුලූ 5 ක් දැවී ලකුණු 269 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාව පන්දු වාර 24 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 199 ක් රැස් කරමින් ඩක්වර්ත් ලූවිස් ක්‍රමය අනුව ජය හිමිකරගත්තා.

එහිදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 78 කදී ලකුණු 115 ක් රැස් කරගත් අතර මිනෝද් භානුක පන්දු 32 කදී ලකුණු 55ක් රැස් කරගැනීමට සමත්වුණා.