දෙවන තරඟයේදී කණ්ඩායමේ වෙනසක් නැහැ

Tuesday, 03 September 2019 - 13:16

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
සංචාරක නවසීලන්ත කණ්ඩායම එරෙහිව පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද පස්වරුවේ ආරම්භවීමට නියමිත දෙවන විස්සයි විස්ස තරඟයේදී කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොකිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ක්‍රීඩා විචාරකයින් පවසන්නේ ආරම්භක පිතිකරුවෙකු වන ධනුෂ්ක ගුණතිලක අද තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

තරඟ තුනකින් සමන්විත පන්දු වාර විස්සයි විස්ස තරගාවලිය එකට බින්දුවක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් පසුවනවා.