%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Monday, 09 September 2019 - 20:04
පාකිස්ථානයට නොයන්න තීරණය කළ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයන් 10 දෙනා මෙන්න
6

Shares
783

Views
මේ මස අගදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ තරඟ සංචාරයකට එක්වීම පිළිබඳව මේ වනවිට බොහෝදෙනෙකුගේ කතාබහට ලක්ව තිබෙනවා.

එම සංචාරයේදී එක්දින තරග තුනක් සහ පන්දුවාර 20 ක්‍රිකට් තරග තුනක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර එම තරගාවලිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුනේ ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රීඩකයින් අතරයි.

එහිදී මෙම සංචාරය සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් 10 දෙනෙකු එක් නොවීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා,.

ඔවුන් එම තීරණයට පැමිණ ඇත්තේ එරට පවතින ආරක්ෂක තත්වය ප්‍රමාණවත් නොවන බව පවසමින් බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙලෙස එළඹෙන පාකිස්ථාන තරඟ සංචාරයට එක්නොවීමට තීරණය කර ඇති ක්‍රීඩකයන් 10 දෙනා පහතින්.

නිරෝෂන් දික්වැල්ල
කුසල් ජනිත් පෙරේරා
ධනංජය ද සිල්වා
තිසර පෙරේරා
අකිල ධනංජය
ලසිත් මාලිංග
ඇන්ජලෝ මැතිව්ස්
සුරංග ලක්මාල්
දිනේෂ් චන්දිමාල්
දිමුත් කරුණාරත්න
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE