%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AB%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
Tuesday, 10 September 2019 - 7:46
මුල් පෙළ ක්‍රීඩකයන් ක්‍රිකට් සංචාරය ප්‍රතික්ෂේප කිරීම ගැන,පාකිස්තානය කණස්සල්ලෙන්
10

Shares
1,285

Views
දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් පාකිස්තාන ක්‍රිකට් සංචාරය ප්‍රතික්ෂේප කිරීම ගැන එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කණස්සල්ල පළ කර තිබෙනවා.

එක්දින තරඟ 3ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 3ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ මේ මස 27 වන දා සිට ඔක්තෝම්බර් 9 වන දා දක්වා පාකිස්තානයේ සංචාරයක නිරතවීමට නියමිතයි.

කෙසේ නමුත්, ඊයේ පැවති සාකච්ඡාවකදී පාකිස්තානයේ ආරක්ෂක වාතාවරණය සහ යොදා ඇති රැකවරණ පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන ආරක්ෂක උපදේශක එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් ක්‍රීඩකයන් දැනුවත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව ඔවුන්ට නිදහස් තීරණයකට එළඹිය හැකි බවයි තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් දැනුම් දී ඇත්තේ.

ඉන් පසු දිමුත්, මාලිංග සහ මැතිව්ස්ට අමතරව නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් යන ක්‍රීඩකයන් ද තමන් පාකිස්තාන සංචාරයට සහභාගි නොවන බව දැනුම් දී තිබෙනවා.

මෙම ක්‍රීඩකයන් සංචාරයට එක් නොවීම ගැන පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් කණස්සල්ල පළ කළ ද ඒ පිළිබදව නිළ ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

පාකිස්තාන මාධ්‍ය සඳහන් කළේ ඔවුන් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර කටයුත්තක් ලෙස සලකන අතර සංචාරය සඳහා සියළු කටයුතු ඒ ආකාරයෙන්ම සිදුකරන බවයි.

මේ අතර, ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් සංචාරය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පාකිස්තාන සංචාරය සඳහා ශ්‍රී ලංකා එක්දින පිළේ නායකත්වය ලහිරු තිරිමාන්නට ද විස්සයි විස්ස පිළේ නායකත්වය දසුන් ශානකට ද ලබාදී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE