%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
Thursday, 12 September 2019 - 12:59
පාකිස්ථාන සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ ආරක්ෂාව යළි සොයා බැලේ
104

Views
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මේ මස අගදී සිදු කෙරෙන පාකිස්ථාන තරග සංචාරයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් නැවත සොයා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, මෙම තරග සංචාරයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාසදායක මට්ටමේ තොරතුරු ලැබි ඇති බවට අග්‍රාමාත්‍ය කාර්යාලය ක්‍රීඩා අමාත්‍යාංශය හරහා සිදුකළ දැනුම්දීම අනුවයි.

තරගාවලියට පිටත්ව යාමට පෙර ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය දන්වා ඇති හෙයින් දින දෙකක් තුළ ඒ පිළිබඳ ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුම්වත් කරන ලෙසයි ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ.  

එමෙන්ම පාකිස්ථාන තරග සංචාරයට එක්වුවහොත් ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයින් සහභාගි කර නොගන්නා බවට ඉන්දිය ක්‍රිකට් බලධාරින් බලපෑම් සිදුකළැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අප කල විමසීමකදී ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.

පාකිස්ථානයේ තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 25 වනදා කරච්චි බලා පිටත්ව යාමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE