එංගලන්තය දෙවන ඉනිම කිසිවෙකු නොදැවී 9යි

Saturday, 14 September 2019 - 7:46

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%93+9%E0%B6%BA%E0%B7%92
ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පෙරේදා ආරම්භ වූ අළුබඳුන ටෙස්ට් තරඟාවලියේ 05 වන සහ අවසන් තරඟයේ දෙවන දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 9ක් ලබා සිටියා.

එංගලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 294ක් රැස් කළ අතර, ඕස්ට්‍රේලියාව කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා ලබා ගත හැකි වූයේ ලකුණු 225ක් පමණයි.

මේ අතර මෙවර තරඟාවලියේ මේ වන විට වැඩිම ලකුණු ලාභියා වන ස්ටීව් ස්මිත් ඊයේ තවත් වාර්තා කිහිපයක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ස්මිත් අළුබඳුන ටෙස්ට් තරඟාවලියේ තරඟ 10ක් තුළදී ලකුණු 1251ක් ලබා ගනිමින් ඩොනල් බ්‍රැඩ්මන් මිට පෙර ඉනිම් 10කදී ලකුණු 1236ක් ලබා ගනිමින් පිහිටුවා තිබු වාර්තාව බිඳ හෙළීමට සමත් වුණා.

ඊට අමතරව ස්මිත් තවත් වාර්තාවක් බිඳ හෙලුවා.

ඒ ක්‍රීඩකයෙක් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව වැඩිම අර්ධ ශතක ලබා ගත් ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වෙමින්.

මිට පෙර එම වාර්තාවට හිමිකම් කිවේ පාකිස්ථානයේ සුපිරි පිතිකරුවෙකු වූ ඉම්සමාම උල් හක්ය.