ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දී ශ්‍රී ලංකාවට 4 වන තැන

Sunday, 15 September 2019 - 19:11

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+4+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1
චීනයේ හුයිෂූ හි පැවති ආසියානු රග්බි සත් සාමාජික තරගාවලියේ සිව් වන ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

මූලික වටයේ තරඟවලදී ප්‍රබල කොරියානු පිළ ලකුණු 28කට 5ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා පිළ චීන තායිපේ පිළ පැරදවූයේ ලකුණු 26ට 17ක් ලෙසයි.

කෙසේ නමුත්, ජපානය සමඟ අද පැවති තරඟයෙන් ශ්‍රී ලංකා පිළ ලකුණු 37ට 0ක් ලෙස පරාජයට පත්වූ අතර, හොංකොං පිළ ශ්‍රී ලංකාව පරාජයට පත් කළේ ලකුණු 55ට 0ක් ලෙසින්.

ඒ අනුව තරගාවලියේ 3 වන ස්ථානය සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර පැවති තරඟයෙන් ජපානය 40ට 0ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාවට තරගාවලියේ සිව් වන ස්ථානය හිමි වන අතර, ජයග්‍රාහකයන් වූයේ චීනය ලකුණු 14ට 7ක් ලෙස පැරදවූ හොංකොං පිළයි.