%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Wednesday, 09 October 2019 - 18:43
තුන්වන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තීරණය කරයි
61

Views
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර තුන්වන සහ අවසන් 20යි 20 තරගය අද ලාහෝර් නුවරදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

මෙම තරගාවලියේ පළමු තරග 2 ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විටත් තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගෙන අවසන්.

ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, භානුක රාජපක්ෂ, ඇන්ජෙලෝ පෙරේරා, ඔෂධ ප්‍රනාන්දු, දසුන් ශානක, වනිඳු හසරංග, ලහිරු මදුෂංක, ලක්ෂාන් සඳකැන්, කසුන් රාජිත සහ ලහිරු කුමාර අද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා.

අද තරගයේදී පකිස්ථාන කණ්ඩායමෙන් අහමඩ් ශේෂාඩ්, උමාර් අක්මාල් සහ මොහොමඩ් හස්නයින් ඉවත්කර තිබෙනවා.

හැරිස් සොහයිල්, ඉෆ්තිකාර් අහමඩ් සහ උස්මන් ශින්වාරි අද කණ්ඩායමට කැඳවා තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE