%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+148%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 09 October 2019 - 20:43
පකිස්ථානයට ලකුණු 148ක ඉලක්කයක්
66

Views
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන 20යි 20 තරගය ජය ගැනීමට පකිස්ථානයට ලකුණු 148ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

ලාහෝර් හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් රැස් කළා.

ඔෂධ ප්‍රනාන්දු අද සිය 20යි 20 ක්‍රිකට් දිවියේ පළමු අර්ධ ශතකය ලබාගත්තා. ඒ පන්දු 33කින්.

ඉනිම අවසන් වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ඔහු ලකුණු 78ක් ලබා සිටියා.

නායක දසුන් ශානක සහ සධීර සමරවික්‍රම ලකුණු 12 බැගින් රැස් කළා.  

ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 13ක් ලබාගත්තා.

මොහොමඩ් අමීර් කඩුලු 3යි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE