%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Sunday, 13 October 2019 - 8:47
ලෝක මැරතන් ධාවනයේ නව පෙරළියක්
1

Shares
210

Views
කෙන්යායානු මළල ක්‍රීඩකයෙකු පැය දෙකකට අඩු කාලයකින් මැරතන් ධාවනය නිමාකළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වුණා.

ඔස්ටි්‍රයාවේ - වියනා නුවර ඊයේ පැවති තරගාවලියකදී කෙන්යානු ජාතික එලියුඩ් කිප්චෝජ් මැරතන් ධාවන ඉසව්ව නිමකළේ පැය එකයි විනාඩි 59 යි තත්පර 40 කින්.

ලෝක ඉතිහාසයේ මෙතෙක් කිසිදු මළල ක්‍රීඩකයෙකු පැය දෙකකට අඩු කාලයකින් සැතපුම් 26.2 ක් වන මැරතන් ධාවනය නිමාකර තිබුණේ නැහැ.

ජයග්‍රහණයෙන් අනතුරුව කිප්චෝජ් කියා සිටියේ මෙමඟින් ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට සීමාවක් නොමැති යැයි තහවුරු වන බවයි.

කෙසේ නමුත් වියනා තරගාවලිය විවෘත තරගාවලියක් නොවීම නිසා 33 හැවිරිදි එලියුඞ් කිප්චෝජ් ඊයේ පිහිටවූ වාර්තාව ලෝක මැරතන් ධාවනයයේ නිල වාර්තාව ලෙස පිළිගැනෙන්නේ නැහැ.

මැරතන් ධාවනයේ නිල ලෝක වාර්තාව වන්නේ ඔහු විසින්ම ජර්මනියේ බර්ලින් නුවරදී 2018 වසරේදි පිහිටවනු ලැබූ පැය දෙකයි විනාඩි එකයි තත්පර 29 ක වාර්තාවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE