කාන්තා මැරතන් ලෝක වාර්තාව අලුත් වෙයි

Monday, 14 October 2019 - 13:17

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වසර 16 ක් ඉපැරණි ලෝක කාන්තා මැරතන් වාර්තාව තමන් සතු කරගැනීමට කෙන්යාවේ බ්‍රිජිට් කොස්ගායි සමත්වුණා.

චිකාගෝ මැරතන් තරගාවලියේදී ඇය විසින් බිඳ හෙලනු ලැබුවේ 2003 වසරේ ලන්ඩන් මැරතන් තරගාවලියේදී බ්‍රිතාන්‍යයේ පෝලා රෙඩ්ක්ලිෆ් විසින් තබා තිබූ පැය දෙකයි විනාඩි 15 යි තත්පර 25 ක් ලෙස තබා තිබූ වාර්තාවයි.

ඊයේ පැවති තරගයේදී බ්‍රිජිට් කොස්ගායි එම මැරතන් ධාවන ඉසව්ව පැය දෙකයි විනාඩි 14 යි තත්පර 4 ක් තුලදී නිමාකරමින් නව ලෝක වාර්තාව පිහිටවනු ලැබුවා.