ICC%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Tuesday, 15 October 2019 - 12:52
ICCයෙන් විශේෂ තීරණයක්
3

Shares
412

Views
පසුගිය ක්‍රිකට් ලෝක කුසලානයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා යොදාගැනුනු තරගයේ හතරේ සහ හයේ පහර ගණනය ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඩුබායි හි ඊයේ පැවති අයි.සී.සී. පාලක මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත්තේ ඒ සඳහා සුපිරි පන්දු වාරය පමණක් යොදාගැනීමටයි.

එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති පසුගිය ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී සුපිරි පන්දු වාරය අවසානයේදීද කණ්ඩායම් දෙකම සම ලකුණු ලබාගත් අතර, ජයග්‍රාහකයා හතරේ සහ හයේ පහරවලින් තීරණය කෙරුණා.

එහෙත් ඉදිරි අයි.සී.සී. තරගාවලියක අවසන් පූර්ව තරගවල සිට එවැනි ප්‍රතිඵලයක් හිිමිවුවහොත් සුපිරි පන්දු වාරය නැවත නැවතත් ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව එවැනි අවස්ථාවක ජයග්‍රාහකයා තෝරාගැනෙන තුරු සුපිරි පන්දු වාරය ක්‍රියාත්මක වනු ඇති.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE