%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%86%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
Friday, 18 October 2019 - 19:09
ශ්‍රී ලංකාවට පැරදුණු පාකිස්ථාන පිලේ නායක සෆ්රාස් ඉවතට
1

Shares
220

Views
සෆ්රාස් අහමඞ් පාකිස්ථාන ටෙස්ට් සහ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව, එළඹෙන ඕස්ටේ්‍රලියානු සංචාරය සඳහා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය අසාර් අලිට පිරිනමා ඇති අතර, විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ බාබර් අසාම්.

ලබන වසරේ ඕස්ටේ්‍රලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී පාකිස්ථාන පිල මෙහෙයවීම ද බාබර් අසාම්ට පැවරෙන වගකීමක්.

සෆ්රාස් අහමඞ් පාකිස්ථාන විස්සයි විස්ස කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් කිරීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ යොවුන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා පිල අතින් පාකිස්ථානය ලද තුනට බින්දුවක පූර්ණ පරාජයයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE