ඉන්දියාව 71/3යි

Saturday, 19 October 2019 - 13:21

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+71%2F3%E0%B6%BA%E0%B7%92
සංචාරක දකුණු අප්‍රිකානු පිළ සහ ඉන්දියාව අතර තුන්වන ටෙස්ට් තරඟය රන්චි හිදී අද උදෑසන ආරම්භ වුණා.

අයි.සී.සී. ටෙස්ට් ශූරතා තරගාවලියට අදාළ මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඉන්දීය පිළ මීට සුළු වේලාවකට පෙර දිවා භෝජනය සඳහා තරඟය නතර කරන විට සිය මුල් ඉනිම සඳහා කඩුලූ 3 ක් දැවී ලකුණු 71ක් ලබා සිටියා.

මෙතෙක් පැවති තරඟවලදී ජයග්‍රහණ දෙකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවයි.