%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7
Sunday, 20 October 2019 - 8:22
නවසීලන්තය රග්බි අවසන් පූර්ව වටයට
1

Shares
223

Views
අඛණ්ඩව තුන්වන වරටත් රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා තරඟ වැද සිටින නවසීලන්ත ඕල් බ්ලැක්ස් රග්බි පිළ ඊයේ පැවති ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරඟයේදී අයර්ලන්තය පරදවා ලකුණු 46 ට 14 ක් ලෙස ජයග්‍රහණය හිමිකරගත්තා.

මේ අතර ඊයේ පැවති අනෙක් අර්ධ අවසන් පූර්ව තරඟයේදී ඕස්ට්‍රේලියාව පරදවා ලකුණු 40 ට 16 ක්‌ ලෙස ජය හිමිකරගැනීමට එංගලන්තය සමත්වුණා.

අද දිනයේද රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරඟ දෙකක් පැවැත්වෙන අතර, එහිදී වේල්සය ප්‍රංශයට එරෙහිවත්, සත්කාරක ජපාන කණ්ඩායම, දකුණු අප්‍රිකාවට එරෙහිවත් තරඟ වදිනවා.

ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව තරඟ ජයග්‍රහණ ලැබූ එංගලන්තය සහ නවසීලන්තය ලබන 26 වනදා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරඟයට මුහුණදෙනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE