දකුණු අප්‍රිකාව අසීරු අඩියක

Tuesday, 22 October 2019 - 7:45

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%9A
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර රන්චි හිදී පැවැත්වෙන තුන් වන ටෙස්ට් තරඟයේ 4 වන දිනය අදයි.

ඊයේ තරඟය නිමා කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 132කට කඩුලූ 8ක් දැවී අසීරු තත්ත්වයක පසුවුණා.

ඉන්දියාව තරඟයේ පළමු ඉනිමේදී කඩුලූ 9ක් දැවී ලකුණු 497ක් රැස් කළා

දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 162ක් පමණක් ලබා ගත් අතර, ඉනිමක පරාජයෙන් මිදීම සඳහා කඩුලූ 2ක් අතැතිව ඔවුන් තවත් ලකුණු 203ක් දෙවන ඉනිමේදී රැස් කර ගත යුතුයි.