ඉන්දියාවට තරගාවලි ජයක්

Tuesday, 22 October 2019 - 13:12

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දකුණු අප්‍රිකාවට එරෙහිව රන්චි හි පැවති තුන් වන ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු 202කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ තරඟ 3ම ජය ගත් ඉන්දීය කණ්ඩායම, ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ තිබෙනවා.

තුන් වන ටෙස්ට් තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය පිළ කඩුලු 9ක් දැවී ලකුණු 497ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 162ක් රැස් කළ අතර දෙවන ඉනිමේදී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 133ක් පමණයි.

ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ තමන් සහභාගි වූ තරඟ 5ම ජය ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා. එහි දෙවන ස්ථානයට පත්ව සිටින්නේ නවසීලන්ත කණ්ඩායමයි.

ඒ, ඉන්දියාවට වඩා ප්‍රසාද ලකුණු 180ක් පසුපසින් සිටිමින්.

ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 3 වන ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.