මාලිංගට අහිමි වූ පන්දු සියයේ අත්දැකීම

Tuesday, 22 October 2019 - 13:53

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8
ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලබන වසරේ එංගලන්තයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන පන්දු සියයේ තරඟාවලියේ (The Hundred) ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි නොවීමට හේතුව ඔවුන් ඉදිරිපත් කර තිබු මුලික ලංසුව අධිකවීම බව London Spirit කණ්ඩායමේ පුහුණුකරු ෂේන් වොර්න් පවසනවා.

ඔහු මේ බව පවසා තිබුනේ එංගලන්තය මාධ්‍යයක් සමග අදහස් දක්වමින්.

මේ තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ලසිත් මාලිංග ඉදිරිපත් කර තිබු මුලික ලංසුව ලෙස සටහන්වුණේ බ්‍රිතාන්‍ය පවුම් 125000ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 3කට ආසන්න මුදලක්.

වොර්න් වැඩිදුරටත් පවසන්නේ ගේල් හෝ මාලිංග පවුම් 100000ක මුලික ලංසුවක් ඉදිරිපත් කර තිබුණේ නම් ඔවුන්ට මේ තරඟාවලියට ඇතුළත්වීමට ඉඩ තිබු බවයි.

මේ තරඟාවලියේදී කණ්ඩායම් 8 ක් සඳහා ක්‍රීඩකයන් 96 දෙනෙකුට තෝරා ගෙන ඇති අතර එහිදී මිලදී නොගත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 474ක්.

මෙහිදී අන් ඩ්‍රේ රසල්, ෂදාබ් ඛාන් සහ ඩේවිඩ් වෝනර් මෙහිදී තෝරා ගනු ලැබුවේ මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන සදන් බ්‍රේව් කණ්ඩායමයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 17 දෙනෙකු පන්දු සියයේ තරගාවලිය සදහා ලියාපදිංචි වී තිබූ නමුත් ඔවුන් කිසිදු කණ්ඩායමක් විසින් මිල දී ගත්තේ නැහැ.