බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයන් තරග වර්ජනය කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ හදිසි අධ්යක්ෂ මණ්ඩල රැස්වීමක් අද පැවැත්වෙනවා.
ක්‍රීඩාව පවත්වාගෙන යන ආකාරය ගැටළු සහගත බව පවසමින් බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙලෙස තරග වර්ජනය කිරීමට තීරණය කළ අතර, ඒ සඳහා ප්‍රබල ක්‍රීඩකයන් රැසකගේ දායකත්වය හිමිවීමද විශේෂත්වයක්.
ක්‍රිකට් බලධාරීන්ගේ ඇතැම් තීන්දු තීරණ නිසා තම ආදායම මෙන්ම පළමු පෙළ තරගවලට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ දීමනාද අඩුවී ඇති බවට ක්‍රීඩකයන් චෝදනා කළා.
කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරන්නේ මාධ්‍ය ඉදිරියට යාමට පෙර ක්‍රීඩකයන් ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් තම අධ්යක්ෂ මණ්ඩලය දැනුවත් කළ යුතුව තිබූ බවයි. මෙය කුමන්ත්‍රණයක් බවටද එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහන් කරනවා.