බංග්ලාදේශයට ජය

Monday, 04 November 2019 - 7:39

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති විස්සයි විස්ස තරගයෙන් ඓතිහාසික ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්වුණා.

ඒ, පළමු වරට විස්සයි විස්ස තරගයකදී ඉන්දියාව පරාජයට පත් කරමින්.

ඊයේ නවදිල්ලි නුවරදී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දු වාර විස්ස තුළ ලබාගත්තේ ලකුණු 148 ක් පමණයි.

එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශය පන්දු වාර 19 යි පන්දු තුනක් තුළ ලකුණු 154 ක් ලබා කඩුලු 7 ක ජයක් වාර්තා කළා.