%E0%B6%B8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+ICC+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Sunday, 17 November 2019 - 19:51
මයන්ක් අගරවාල් ICC දර්ශකයේ ඉදිරියට
1

Shares
139

Views
බංග්ලාදේශය සමග පැවති පළමු ටෙස්ට් තරගයේදී ලබා ගත් ද්විත්ව ශතකය ඇතුළුව තමා මෙතෙක් මුහුණදුන් ටෙස්ට් තරග 8 කදී, ශතක 3 ක් සහ අර්ධ ශතක 3ක් සමග ලකුණු 858ක් රැස් කළ ඉන්දීය පිතිකරු මයන්ක් අගරවාල් අයි.සී.සී. ටෙස්ට් දර්ශකයේ 11 වන ස්ථානයට නම් කර තිබෙනවා.

නවතම අයි.සී.සී. ටෙස්ට් දර්ශකයේ පළමු ක්‍රීඩකයන් දස දෙනා අතරට, ඉන්දීය ක්‍රීඩකයන් 4 දෙනෙකු ඇතුළත් වන අතර, නායක විරාට් කෝලි දෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණානායකට හිමිව ඇත්තේ එහි 9 වන ස්ථානයයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE