%E0%B6%B6%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+5%E0%B6%9A%E0%B7%8A
Tuesday, 19 November 2019 - 7:43
බී.එල්.එල්. තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 5ක්
1

Shares
209

Views
මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව අවිෂ්ක ප්‍රනාන්දු චට්ටෝග්‍රාම් චැලෙන්ජර්ස් කණ්ඩායමේ විදේශීය ක්‍රීඩකයෙකු ලෙස තෝරගෙන ඇති අතර කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ද ඊට ඇතුළත්.

කුසල් ජනිත් පෙරේරා සහ දසුන් ශානක තෝරාගෙන ඇත්තේ කුමිල්ලා වොරියර්ස් කණ්ඩායමටයි.

තිසර පෙරේරා, ඩකා ප්ලැටූන් කණ්ඩායමට තෝරා ගෙන ඇති අතර, පාකිස්තාන ප්‍රවීන ක්‍රීඩක ෂහීඞ් අෆ්රිඩි ද එම කණ්ඩායමට ඇතුළත්.

ඊට අමතරව ජීවන් මෙන්ඩිස් තෝරාගෙන ඇත්තේ සිල්හෙට් තන්ඩර්ස් කණ්ඩායමටයි.

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් 6 වන දා සිට ලබන වසරේ ජනවාරි 11 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.
   
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE