%E0%B6%A7%E0%B7%93+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
Tuesday, 19 November 2019 - 12:59
ටී ටෙන් - ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් දස්කම්
5

Shares
683

Views
අබුඩාබියේ ඊයේ පැවති ටී ටෙන්, පන්දු වාර 10යේ ලීග් තරඟවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම දස්කම් දැක්වීමට සමත් වුණා.

ෂෙයික් සෙයිඞ් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරඟයකදී දිල්ලි බුල්ස් කණ්ඩායම නියෝජනය කරන කුසල් ජනිත් පෙරේරා පන්දු 18කදී ලකුණු 43ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ඔහු දැවී ගියේ බංග්ලා ටයිගර්ස් පිළ නියෝජනය කරමින් අසාමාන්‍ය ඉරියව්වකින් පන්දු යවන ශ්‍රී ලාංකික ක්‍රීඩක කෙවින් කොත්තිගොඩගේ පන්දුවකටයි.

ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව මේ වන විට ක්‍රීඩා ලෝකයේ කතාබහට ලක්වුණ අතර ඇතැම් එය පෝල් ඇඩම්ස්ගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන කරනවා.

බංග්ලා ටයිගර්ස් පිළේ නායක තිසර පෙරේරා රැස් කර ගත්තේ ලකුණු 6ක් පමණයි.

කෙසේ නමුත් දිල්ලි බුල්ස් සහ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති තරඟය දෙපිළම ලකුණු 108 බැගින් ලබා ගැනීම හේතුවෙන් සම වුණා.

අබුඩාබියේ ඊයේ පැවති තවත් තරඟයකදී මාර්තා ඇරබියන්ස් පිළ වෙනුවෙන්  ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රිස් ලින් පන්දු 30කදී නොදැවී ලකුණු 91ක් ලබා ගත් අතර, ප්‍රතිවාදී අබුඩාබි පිළ නියෝජනය කළ නිරෝෂන් දික්වැල්ල ලකුණු 15කට දැවී ගියා.

මේ අතර, කර්ණාටක ටස්කර්ස් පිළට එරෙහිව ඩෙකෑන් ග්ලැඩියේටස් පිළ නියෝජනය කරමින් භානුක රාජපක්ෂ පන්දු 7කදී ලකුණු 27ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර දෙකක් සමඟින්.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE