%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BB+10%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B1%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B6%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B6%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%AB%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Tuesday, 19 November 2019 - 16:50
පන්දුවාර 10යේ පිටියේත් පන්දු යවන්නන් දනගැස්වූ වූ කුසල්ගේ අබුඩාබි පිටිය සැණකෙළියක් කළ ඉනිම මෙන්න
176

Shares
21,192

Views
අබුඩාබි T 10 තරඟාවලියේ ඊයේ තරඟාවලියේදී කුසල් ජනිත් පෙරේරාගේ ආක්‍රමණශීලී පිතිහරඹය වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

තරඟාවලියේ ඊයේ තරඟය පැවැත්වුනේ බංගලා ටයිගර්ස් සහ දිල්ලි බුල්ස් කණ්ඩායම් අතරයි.

එහිදී තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලා ටයිගර්ස් පන්දුවාර 10 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 107 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දිල්ලි බුල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලයේ සම්බන්ධය බිඳවැටුනේ මුහම්මද් උස්මාන් ලකුණු එකක් ලබා සිටියදී දැවී යාමත් සමඟයි.

එහිදී ආරම්භක පිතිකරණයේ වගකීම තම උරහිසට ගත් ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් ජනිත් දිල්ලි බුල්ස් කණ්ඩායමට තම පිත්තෙන් ඉටුවියයුතු වගකීම ඉටුකර දුන්නා.

ඒ පන්දු 18 කට ප්‍රවේගකාරී ඉනිමක් දියත් කර ලකුණු 43 ක් රැස්කර දෙමින්.

එහිදී ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් සහ එක් හයේ පහරක් ඇතුලත් වූවා.

ඔහුගේ ඉනිම තරඟයේ වීරයා වීමට ප්‍රමාණවත් වුවත් අවාසනාවන්ත ලෙස ඔහු දැවී යාමත් සමඟ දිල්ලි බුල්ස් පිතිකරුවන් සිය පන්දුවෙන් පීඩනයට ලක්කිරීමට බංගලා ටයිගර්ස් පන්දු යවන්නන් සමත් වූවා.

එහි ප්‍රතිඵලය ලෙස අබුඩාබි T 10 තරඟාවලියේ ඊයේ පැවති  බංගලා ටයිගර්ස් සහ දිල්ලි බුල්ස් කණ්ඩායම් අතර තරඟය ලකුණු සම වීමෙන් අවසන් වුවා.

තරඟයේ වීරයා වූ කුසල් ගේ සුපිරි ඉනිම පහතින්.


rnrn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE