%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
Monday, 02 December 2019 - 13:03
සාක් ගිය ක්‍රීඩකයින්ට සිදුවූ අපහසුව සොයන්න,ඇමති බලධාරීන් කැඳවයි
94

Views
නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදී ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අමාත්‍යාංශ නිලධාරීන් අද විශේෂ සාකච්ඡාවකට කැඳවා තිබෙනවා.

තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පරිදි පහසුකම් සළසා නොමැති බවට චෝදනා එල්ලවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එරටට ගොස් සිටින ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණදී සිටින ගැටළු පිළිබඳව සාකච්ඡා කරන බවයි ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ.  

තමන්ට ක්‍රීඩා අමාත්‍යාංශය ලැබීමට පෙර පසුගිය රජය යටතේ දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයින්ට ලබාදෙන පහසුකම් සංවිධාන කර තිබූ බවද අමාත්‍යවරයා  කියා සිටියා.

මේ අතර පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් අද ලෝකඩ පදක්කම සඳහා තරග වදිනවා. පිරිමි කණ්ඩායම, බංග්ලාදේශය සමඟත්, කාන්තා වොලිබෝල් කණ්ඩායම මාලදිවයින සමඟත් මෙලෙස තරගවැදීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE