%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+14%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Monday, 02 December 2019 - 20:46
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පදක්කම් 14ක් හිමි කර ගනී
1

Shares
211

Views
නේපාලයේ - කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදීශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 2ක්,  රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 8ක් ඇතුළුව පදක්කම් 14ක් ජයග්‍රහණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට රන් පදක්කම් හිමි වූයේ පිරිමි ටයිකොන්ඩෝ ඉසව්වලින්.

ඊට අමතරව ටයිකොන්ඩෝ ඉසව්වලින් රිදී පදක්කම් 3ක් සහ කරාතේ ඉසව්වෙන් රිදී පදක්කමක් ජයග්‍රහණය කිිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සමත් වුණා.

ටයිකොන්ඩෝ ලෝකඩ පදක්කම් 4ක් ද ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කළ අතර, කරාතේ ඉසව්වලින් ලෝකඩ පදක්කම් 3ක් ජයග්‍රහණය කළා.

පිරිමි වොලිබෝල් ලෝකඩ පදක්කම බංග්ලාදේශය පරදවමින් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී සිටිනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE