ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරඟාවලියට පාකිස්ථාන සංචිතය නම් කරයි - වසර 10කට පසු ෆවාඩ් අලාම් සංචිතයට

Saturday, 07 December 2019 - 17:34

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+10%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%86%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී ලංකාව සමඟ අරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා එක්වන පාකිස්ථාන සංචිතය නම්කර තිබෙනවා.

පාකිස්ථාන සංචිතයේ නායකත්වය අසාර් අලීට හිමිව ඇති අතර ක්‍රීඩකයින් 16 දෙනෙක් මෙම සංචිතයට ඇතුලත්.

වමත් පිතිකරුවෙකු වන ෆවාඩ් අලාම් මෙම සංචිතයට නම්කර ඇති අතර ටෙස්ට් තරඟාවලියක් වෙනුවෙන් ඔහු පාකිස්ථාන කණ්ඩායමට එක්වන්නේ වසර 10කට පසුයි.

දේශීය තරඟවල දැක්වූ දක්ෂතා හේතුවෙන් ෆවාඩ් මෙම සංචිතයට ඇතුලත් කර ඇති බවයි එරට ක්‍රීඩා මාධ්‍ය වර්තා කරන්නේ.

අබීඩ් අලි, අසාද් සෆික්, බාබර් අසාම්, හැරිස් සොහෙයිල්, ඉමාම් උල් හක්, ඉම්රාන් ඛාන්, කෂිෆ් භාටි, මොහොමඩ් අබ්බාස්, මොහොමඩ් රිස්වාන්, නසීම් ෂා, ෂහීන් ෂා අෆ්රිඩි, ෂාන් මසූඩ්, යසීර් ෂා, උස්මාන් ඛාන් ශින්වාරි පකිස්ථාන සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයින්.

තරඟ දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය ලබන 11 වනදා රාවල්පින්ඩි හිදී පැවැත්වීමට සැලසුම්කර ඇති අතර දෙවන ටෙස්ට් තරඟය කරච්චි හිදී දෙසැම්බර් 19 වනදා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.