%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%82%E0%B6%9C+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Sunday, 08 December 2019 - 12:54
සුරංග ලක්මාල්ට පාකිස්ථාන සංචාරය අහිමිවෙයි
1

Shares
178

Views
ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් පාකිස්ථාන සංචාරය අහිමිවී තිබෙනවා.

මේ නිසා ඔහු වෙනුවට වේග පන්දු යවන්නෙකු ලෙස අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා ඇති බවයි වාර්තාවන්නේ.

2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන පාකිස්ථානයේ ලාහෝර් නුවරදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේදී සුරංග ලක්මාල්ද තුවාල ලැබුවා.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද පස්වරුවේ ශ්‍රී ලංකාවෙන් නික්මෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE