කොදෙව්වන්ට ජය

Monday, 09 December 2019 - 8:16

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
ඉන්දියාව සමඟ පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත්වුණා.

කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදුන් අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 170 ක් රැස් කළා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම සීමාව පසුකර ගියේ පන්දු වාර 18 යි පන්දු 3 ක් තුළ කඩුලු දෙකක් පමණක් දැවී තිබියදියි.

තරග එක බැගින් ජයගනිමින් තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය රටවල් දෙකම සම මට්ටමේ පසුවනවා.