ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයට ළඟාවෙයි

Monday, 09 December 2019 - 12:56

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී වසර 9 කට පමණ පසු පාකිස්ථානය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද ඉස්ලාමාබාද් ගුවන් තොටුපල වෙත ළඟාවුණා.

ඊ.කේ. 612 දරණ යානයෙන් ඩුබායි හි සිට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම, පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා විසින් පිළිගනු ලැබූ අතර, එහිදී විදේශීය රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත සපයා දීම විශේෂත්වයක්.

එසේම නවාතැන් ගන්නා හෝටලය වෙත යන අතරතුරදී මාර්ග වසා දමා ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක්ද ලබාදී තිබුණා.

පාකිස්ථානය සමඟ පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අනිද්දා රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ ආරම්භවීමට නියමිත අතර, මෙම තරගාවලියට විශේෂ අමුත්තන් ලෙස ශ්‍රී ලංකාවේ සහ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම්වල හිටපු නායකයින් වන බන්දුල වර්ණපුරට සහ ජාවේඞ් මියැන්ඩාඞ්ට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ආරාධනාවක් කර තිබෙනවා.

ඒ, 1982 වසරේ මාර්තු මාසයේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේ නායකයින් ලෙස ඔවුන් කටයුතු කිරීම හේතුවෙන්.

\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"