රුසියාවට සිව් වසරක ක්‍රීඩා තහනමක්

Monday, 09 December 2019 - 17:02

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රුසියාවට ඉදිරි සිව් වසර තුළ ලෝක මට්ටමේ කිසිදු ප්‍රධාන ක්‍රීඩා තරගාවලියකට සහභාගිවීම තහනම් කිරීමේ නියෝගයක් ක්‍රීඩාවේ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහි ලෝක සංවිධානය, වාඩා මගින් අද නිකුත් කරනු ලැබුවා.

ඒ, ස්විට්සර්ලන්තයේ ලූසෝන් හි අද පැවති එම සංවිධානයේ විධායක කමිටු රැස්වීමකින් අනතුරුවයි.

ඒ අනුව රුසියාවට ලබන වසරේ පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට මෙන්ම 2022 වසරේ කටාරයේ පැවැත්වෙන ලෝක පාපන්දු ශූරතා තරගාවලියට ද සහභාගිවීම තහනම් වනවා.

එමෙන්ම, එම තරගාවලිවලදී රුසියානු ධජය එසවීම හෝ ජාතික ගීය වාදනය කිරීම සිදුවන්නේ නැහැ.

ක්‍රීඩකයන්ගේ තහනම් උත්තේජක සහ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට සහය නොදැක්වූ බවටයි ජගත් ඒජන්සිය මගින් රුසියාවට අදාළ තහනම පනවා ඇත්තේ. කෙසේ නමුත්, තමන් උත්තේජක හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර බවට ඔප්පු කරන රුසියානු ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට අදාළ තරගවලට සහභාගි විය හැකියි.