%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
Tuesday, 10 December 2019 - 14:04
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අදින් අවසන්
1

Shares
193

Views
නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අදින් අවසන් වනවා.

පසුගිය 1 වන දා ආරම්භ වූ මෙම ක්‍රීඩා උළෙලේ මේ වන විට පැවති ඉසව්වලින් රන් පදක්කම් 159ක් සමඟින් සමස්ත පදක්කම් 294ක් ලබාගෙන ඉන්දියාව පෙරමුණේ පසුවන අතර, රන් පදක්කම් 49ක් සමඟ සමස්ත පදක්කම් 195ක් ලබාගෙන ඇති නේපාලය පසුවන්නේ එහි දෙවන ස්ථානයේයි.

එහි තුන් වන ස්ථානය තවදුරටත් රැක ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිඛෙනවා.

ඒ, රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 79ක් සහ ලෝකඩ පදක්කම් 118ක් සමඟින් සමස්ත පදක්කම් 236ක් ලබාගනිමින්.

එය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව ලබා ගත් වැඩිම සමස්ත පදක්කම් සංඛ්‍යාව වීමද විශේෂත්වයක්.

අවසන් වරට ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රන් 25ක්, රිදී 63ක් සහ ලෝකඩ 98ක් ලබාගනිමින් සමස්ත පදක්කම් 186ක් හිමි කර ගත්තා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE