ශ්‍රී ලංකා - පාකිස්ථාන තරගයට වර්ෂාවෙන් බාධා

Thursday, 12 December 2019 - 13:25

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
ලෝක ශූරතා ටෙස්ට් ශූරතාවලියට අදාලව පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

රාවල්පිණ්ඩි හි පැවැත්වෙන මෙම තරඟයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාවෙන් බාධා එල්ල වනවිට කඩුළු 05ක් දැවී ලකුණු 222ක් රැස්කරගෙන සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන ධනංජය ද සිල්වා ලකුණු 54 සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 15ක් ලබා සිටිනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආරක්ෂක උපදේශක හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් රොෂාන් ගුණතිලක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ පස්වරුවේ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මුණගැසී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති බව සඳහන්.