%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA+19+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F
Saturday, 14 December 2019 - 12:47
අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය 19 වැනිදා
10

Shares
1,238

Views
2020 අයි.පී.එල්. තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ලබන 19 වන දා කොල්කටා හිදී පැවැත්වෙන අතර, එහිදී ඉන්දීය රුපියල් කෝටි දෙකක වැඩි ඉහළම ලංසුවක් සහිත ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද ඇතුළත් කර තිබෙනවා.

පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ්, ක්‍රිස් ලින්, මිචෙල් මාෂ් සහ ඩෙල් ස්ටේන් එම ඉහළම අවම මුදලට නම් කළ අනෙකුත් ක්‍රීඩකයන්.

මෙවර අයි.පී.එල්. වෙන්දේසියේදී ක්‍රීඩකයන් තුන්සිය තිස් දෙදෙනෙකු ලැයිස්තුගත කර ඇති අතර, ඉන් 143 දෙනෙකු විදේශීය ක්‍රීඩකයන්.

ඒ අතරින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 14 දෙනෙකු ද සිටිනවා.

එමෙන්ම, මුම්බායි ඉන්දියන්ස් පිළ 2020 වසර සඳහා ද ලසිත් මාලිංග රදවා ගැනීමට මුලින්ම තීරණය කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE