පන්දු රකිමින් සිටියදී හිස් ආවරණයේ පන්දුවක් වැදුණු කෙවින් කසුසාට පසු කම්පන තත්වයක්

Wednesday, 22 January 2020 - 22:47

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පන්දු රකිමින් සිටි කෙවින් කසුසාගේ හිස් ආවරණයේ පන්දුවක් වැදීමෙන් ඔහු රෝහල් ගත කෙරුණු අතර අනතුරුව සිදුකල ස්කෑන් පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ කසුසාට පසු කම්පන තත්වයක් ඇතිවී තිබෙන බවයි.

මේ හේතුවෙන් ඔහුට පළමු ටෙස්ට් තරගයේ ඉතිරි දින ක්‍රීඩා කිරීමට නොහැකි වීම නිසා ෂක්‍ක්‍ නව නීති රීතිවලට අනුව කෙවින් කසුසා වෙනුවට බ්‍රයන් මුඩ්සිංගන්යාමා ආදේශ කළා.

මේ අතර වසර 5කට පසු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේදී ද්විත්ව ශතකයක් වාර්ථා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වන්නට ඇන්ජලෝ මැතිව්ස්ට හැකිවුණා.

ඒ සිම්බාබ්වේ සමග හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදී.

කලකට පසු මැතිව්ස්ගේ පිත්ත ක්‍රියාත්මක වීමත් සෙසු පිතිකරුවන්ගෙන් ඔහුට ලැබුණු සහයත්, සමගින් දිනයේ සියලු ගෞරවයන් දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

අද උදෑසන තරගය සිව්වන දිනය සදහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 295ක්.

ඒ වන විට නොදැවී කඩුල්ලේ රැදිසිටි ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා 5වන කඩුල්ලට ලකුණු 98ක් එක් කරමින් සිම්බාබ්වේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව අභිබවා යෑමේ මංපෙත් විවර කළා.

එම සබදතාව බිද වැටුනේ හොදින් පන්දුවට පහර දෙමින් සිටි ධනංජය ලකුණු 63කට දැවියාමත් සමගයි.

ධනංජයගේ දැවීයාමෙන් පසු මැතිව්ස් සමගින් පිටියේ එක්වූ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා පළමු ඉනිම ප්‍රභල තත්වයක් දක්වා ඔසවා තිබුවේ හයවන කඩුල්ලට 136ක් එක් කරමින්.

දික්වැල්ල ලකුණු 63ක් රැස්කළා.

ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වූ ඇන්ජලෝ මැතිව්ස් අද සිය මංගල ටෙස්ට් ද්ත්ව ශතකය වාර්ථා කරන්නට සමත් වුණා.

කුමාර් සංගක්කාර 2015 වසරේ නවසීලන්තයට එරෙහිව වාර්ථා කළ ද්ත්ව ශතකයෙන් අනතුරව ශ්‍රී ලංකා ක්‍රීඩකයකු වසර 5කට පසුවයි ටෙස්ට් ද්ත්ව ශතකයක් වාර්ථා කලේ.

මේ අනුව ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කඩුළු 9ක් දැවී ලකුණු 515ක් ලබා ඉනිම අත්හිටුවන්නට තීරණය කළා.

මැතිව්ස් නොදැවී ලකුණු 200ක් රැස්කලේ ටෙස්ට් දිවියේ හොදම ඉනිම ක්‍රීඩා කරමින්.

දිනය නිමා වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 30ක් ලබා සිටියා.