පාකිස්තානය පළමු 20-20 ජය ගනිද්දී, බංග්ලාදේශ නායකයා තණතීරුව ගැන නොසතුටින්

Saturday, 25 January 2020 - 7:50

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+20-20+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%2C+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AB%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස තරඟය කඩුලු 05 කින් ජය ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයින් සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 141 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානු ක්‍රීඩකයින් පන්දුවාර 19 යි පන්දු 3 ක් තුලදී කඩුලු 05ක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

එහිදී නැවතත් පාකිස්තාන පිළට එක්වී සිටින ෂොයිබ් මලික් නොදැවී ලකුණු 58ක් රැස් කර ගැනීමට සමත් වුණා.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් බංග්ලාදේශ නායක මහමුදුල්ලා පවසා සිටියේ තරඟය සඳහා ලැබුණු ලාහෝර් තණතීරුව පිළිබඳව තමන් එතරම් සතුටු නොවන බවයි.