ලෝක කුසලාන තරගාවලියේ ජපානය පැරදූ ශ්‍රී ලංකාවට කඩුලූ 9ක ජයක්

Sunday, 26 January 2020 - 13:17

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+9%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගයකදී ජපානය පරදවා කඩුලූ 9ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත්වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස ජපානයට ආරාධනා කළ අතර, ඔවුන් පන්දු වාර 18යි පන්දු 3කදී සියලූ ක්‍රීඩකයන් රැස් කළේ ලකුණු 43ක් පමණයි.

පිලිතුරු වශයෙන් පන්දු වාර 8යි පන්දු තුනකදී එක් කඩුල්ලක් දැවී ලකුණු 47ක් ලබමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිල ජය වාර්තා කළා.

ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගි වන මීළග ලෝක කුසලාන තරගය නයිජීරියාව සමඟ හෙට පැවැත්වීමට නියමිතයි.