%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Tuesday, 28 January 2020 - 13:00
ශ්‍රී ලංකා යොවුන් පිළට ජයක්
1

Shares
179

Views
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරඟයකදී නයිජීරියාව පරදවා ලකුණු 233ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් පිළ සමත් වුණා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිළ සිය පන්දු වාර 50 තුළ දී කඩුලු  07ක් දැවී ලකුණු 306ක් රැස් කළා.

එහිදී රවිදු රෂාන්ත ලකුණු 102ක් රැස් කළ අතර, මොහොමඩ් ශමාස් ලකුණු 56ක් රැස් කළා.

පිළිතුරු වශයෙන් නයිජීරියානු වයස අවුරුදු 19න් පහළ පිළට පන්දු වාර 17යි පන්දු 3කදී සියළු ක්‍රීඩකයන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 73ක් පමණයි.

දිල්ශාන් මධුශංක ලකුණු 36කට කඩුලු 05ක් බිඳ හෙළුෑ අතර, කවිදු නදීශාන් ලකුණු 6කට කඩුලු 03ක් බිඳ හෙලුවා.  

මේ අතර, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිළ අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය අවසානයේ පළමුවෙන් පන්දුවට පහර දෙන සිම්බාබ්වේ පිළ කඩුලු 6ක් දැවී ලකුණු 352ක් ලබා සිටියා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE